මාස්පොතදී පොලිසියට වෙඩි තැබූ සැකකරුවන් ගැන නිවැරදි තොරතුරකට තෑගි (ඡායාරූප)

Saturday, 26 November 2016 - 20:52

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96++%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

පැහැරගත් මෝටර් රථයක් පිළිබඳ සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකුට කුරුණැගල මාස්පොත ප්‍රදේශයේ තාවකාලික නැවතුම් පලකදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගියේ පසුගිය 15 වෙනිදා රාත්‍රියේයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉවහල්වන සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයකුට හෝ කණ්ඩායමකට විශේෂ මුදල් ත්‍යාග පිරිනමන බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසීයට අවශ්‍ය සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප අද මාධ්‍ය වෙත නිකුත් කලා.

එහි පළමු සැකකරු ජාතික හැදුනුම් පත් දෙකක් භාවිතා කරන අතර ඒවායෙහි ඔහුගේ නම සඳහන් වන්නේ කන්දෙ ගෙදරලාගේ චමිල මධූසංක හා පාලන් කණ්ඩම්බි චමින්ද ලෙසටයි.

ඔහුගේ ලිපිනය ලෙස දැක්වෙන්නේ කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයයි.

ධනුෂ්ක ඉන්දික නොහොත් බබී ලෙස හැදින්වෙන දෙවන සැකකරු ගල්කිස්ස රත්මලාන හා බඩෝවිට ප්‍රදේශවල නිතර ගැවසෙන බව පොලීසිය පවසනවා.

තෙවන සැකකරු, මැණික්ගේ උපාන්ත තිළිණ මහානාම නමැති හෙටිටයාවත්ත රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ 011 2451633 / 011 2451631 / 071 8592604 හෝ 077 2001021 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ද පොලිසිය ඉල්ලා සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories