ඇමති රාජිත දුම්කොළ සමාගමෙන් මිලියන 500 ක බදු ඉල්ලයි

Sunday, 27 November 2016 - 12:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500+%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුපියල් මිලියන 500 මුදලක් පරිත්‍යාග කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක දුම්කොළ සමාගමට අයවැය යෝජනා මගින් ඉල්ලීමක් කර ඇත්තේ නොදැනුවත්ව බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

එම මුදල දුම්කොල සමාගමෙන් බදු වශයෙන් ලබා ගෙන ජනාධිපති අරමුදලට ප්‍රදානය කරන ලෙස තමා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි කොළඹ නිදහස් චතුරස‍්‍රයේ අද (27) පෙරවරුවේ පැවති පිට කොන්ද විකෘතිවිම් පිලිබද ජනතාව දැනුවත් කිරිමේ පා ගමනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ලබන වසරේ ජනවාරි පලමුවනදා සිට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරිම තහනම් වන බව අමාත්‍ය රාජිත සේනාරත්න අගලවත්ත ඉත්තෑපාන දිසා රෝහලේ උත්සවයට ඊයේ එක්වෙමින් ප්‍රකාශ කලා.

සියලූම රසායනාගාර පහසුකම් ඇති රෝහල්  සදහා  රුධිර පරික්ෂණ යන්ත්‍ර දෙසැම්බර් 31 වන විට ලබා දෙන බවත්, රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් අදාළ රෝහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories