කටුනායක ගුවන් තොටුපල ප්‍රහාරයේ විත්තිකරුවෙකුට එරෙහි නඩුව නීතිපති අස්කරගනී

Monday, 28 November 2016 - 7:41

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A++%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කටුනායක ගුවන් තොටුපලට සහ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටි 5505 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වූ කොටි සාමාජිකයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස් කරගැනීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට කොළඹ මහාධිකරණ කොමසාරිස්වරිය අවසර ලබාදුන්නා.

විත්තිකරු මෙම සිද්ධියට අදාළව මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්, අත්බෝම්බ හතරක් සහ පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා මේ වනවිට සිර දඩුවම් විඳින බැවින් මෙම නඩුව ඉල්ලා අස්කරගැනීමට අදහස් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබුණා.

එම ඉල්ලීමට අවසර දුන් කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා නියෝග කළේ මෙම නඩුවට අදාළව මේ දක්වා අත්අඩංගුවට පත් නොවී සැඟව සිටින තවත් විත්තිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

2001 වසරේ ජූලි මස 24 වනදා කටුනායක ගුවන් තොටුපලට සහ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීම, ඊට සැළසුම් කිරීම සහ ප්‍රහාරයෙන් ගුවන් බස් හයක් සහ ප්‍රහාරක ගුවන් යානා හයක් විනාශ කිරීම ඇතුලු අධි චෝදනා 311 ක් යටතේ විත්තිකරුවන් පස්දෙනෙකුට නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

මෙම ප්‍රහාරයේදී ගුවන් හමුදා භටයින් හත්දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලැබුවා.

මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු දැනට මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories