යේමනයේ සිර වූ ශ්‍රී ලාංකික නැවියන් බේරා දෙන්නැයි, ඥාතීන්ගෙන් ඉල්ලීමක්

Tuesday, 29 November 2016 - 7:39

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සිවිල් යුද්ධයක් පවතින යේමන රජය භාරයට ගෙන ඇති නෞකාවක සිටින ශ්‍රී ලාංකිකයින් 9 දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මීට මාස දෙකකට පමණ පෙර මෙම නෞකාව යේමනයේ හොඩෙයිඩා වරායේදී එරට රජය භාරයට ගෙන ඇත්තේ නෞකාව කුලී පදනම මත ලබා ගත් පාර්ශවකරුවන් සහ එහි හිමිකරුවන් අතර, පවතින මූල්‍ය ආරවුලක් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩුවක් විභාග වන අතර, ග්‍රීසියේ නැව් සමාගමකට අයත් ෆෙයා ඇපොලොන් නමැති මෙම නෞකාවේ නාවිකයින් 26 දෙනෙකු පමණ සිටින බව සඳහන්.

සිවිල් යුද්ධය නිසා යේමනයේ දැනට අරාජික තත්ත්වයක් පවතින අතර, සානා අගනුවර බලය අත්පත් කරගෙන සිටින හවුති කැරළිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් ගුවන් ප්‍රහාර එල්ල කරනවා.

එහිදී සිවිල් වැසියන් මිය යාමේ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන අතර, නෞකාව රදවා ඇති හොඩෙයිඩා වරාය ප්‍රදේශය ද අනාරක්ෂිත බව සදහන්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ඥාතීන් ප්‍රකාශ කළේ නැවට ආහාර සහ ජලය සැපයීමේ ප්‍රමාදයක් ද පවතින බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව වෙළඳ නාවික ලේකම් කාර්යාලයෙන් ද කරුණු විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ එහි විභාග පරීක්ෂක ජේ.එම්. සුනිල් කියා සිටියේ අදාළ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories