කොළොම්බියා ගුවන් අනතුරෙන් මියගිය පිරිස මෙන්න

Tuesday, 29 November 2016 - 13:28

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
බ්‍රසීලියානු පාපන්දු කණ්ඩායමක් සමඟ කොළොම්බියාවේදී අද අනතුරට ලක්වූ ගුවන් යානයේ පුද්ගලයන් 81 දෙනෙකු ගමන් කර ඇති බව හෙළි වී තිබෙනවා.

බ්‍රසීලයේ චාපෙකොන්සේ පාපන්දු කණ්ඩායම කොළොම්බියාවේ මැඩිලීන් නුවර වෙත ගමන් කළේ දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරඟයට සහභාගිවීම සදහායි.

කඩා වැටුණු ගුවන් යානයේ ගමන් ගත් බ්‍රසීල පාපන්දු කණ්ඩායම දකුණු ඇමරිකාවේ ක්‍රීඩා සමාජ අතර දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම ලෙසයි සැලකෙන්නේ.

මගීන් හැත්තෑ දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලය 9 දෙනෙකු රැගත් යානය මැඩිලීන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආසන්න වද්දී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, එහිදී 6 දෙනෙකු දිවි ගලවාගෙන ඇති බවට ද තොරතුරු ලැබෙමින් පවතිනවා.

ඒ අනුව පුද්ගලයන් 75දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories