කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ්

Tuesday, 29 November 2016 - 14:48

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, දෙසැම්බර් හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන ඔහු මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටි අතර අනතුරුවයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ.

පසුගිය රජය සමයේ ඔහු භාවිත කර ඇති රුපියල් කෝටි 9ක් පමණ වටිනා වෙඩි නොවදින ජීප් රථය මඩකලපුව ප්‍රදේශයේ ගරාජයකින් පසුගිය දා සොයා ගැනුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories