වෛද්‍ය, අතුරු වෛද්‍ය සේවා අද වර්ජනයේ

Wednesday, 30 November 2016 - 7:39

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ දිවයින පුරා රෝහල්වල අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට මෙන්ම රටට සිදුවන හානියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන වර්ජනය ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකා රෝහල සහ වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිදු නොකරන බවයි එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ.

එමෙන්ම අතුරු වෛද්‍ය සේවා, වර්ජනයේ නිරත වන්නේ ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර් ග්‍රහණය කිරීම ඇතුළු ගැටළු කිහිපයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසදුම් ලැබී නොමැති බව පවසමින්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ මෙවැනි වර්ජනයකට  මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශ සූදානම් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories