මිනුවන්ගොඩ ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

Wednesday, 30 November 2016 - 9:43

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මිනුවන්ගොඩ - පීල්ලවත්ත නිවාස සංකීර්ණයක් ඉදිරිපිට මාර්ගයේ දී පසුගිය 24 වන දා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම - මිගුරන්කඩවල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසක සැඟව සිටියදියි.

ඝාතනයට යොදා ගත් ටී-56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 5ක් අඩංගු පතොරොම් ගැබ් එකක් සහ ඔහු ගමන් ගත් යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සහෝදරයා සහ ඝාතනය ලක්වූ පුද්ගලයා අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories