ලොව වයස්ගතම කාන්තාව සිය උපන්දිනය සමරයි (ඡායාරූප)

Wednesday, 30 November 2016 - 11:12

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
19වන සියවසේ උපන් බවට වාර්තාවන දැනට ලොව ජීවත්වන වයස්ගතම කාන්තාව ඇයගේ 117වන උපන්දිනය පසුගියදා සැමරුවා.

Emma Morano නම් වන ඇය ඉතාලියේ ජීවත් වන බවටයි වාර්තාවන්නේ.

පසුගියදා ඇය හට උපස්ථාන කරන සේවිකාවන් සමග Emma Morano තම උපන්දිනය සමරා තිබෙනවා.

දැනට පවතින වාර්තාවලට අනුව මැය වර්ෂ 1899,නොවැම්බර් 29වන දින උපත ලබා ඇති බව සදහන්.

Emma Morano අවුරුදු 20දී රක්තහීනතාවයෙන් පෙලුනු බව පවසනවා.

ඇය පවසන්නේ තමන් දිනකට බිත්තර 03ක් ආහාරයට ගන්නා බවත් අනෙකුත් ආහාර වලට වඩා විස්කෝතු ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන බවයි.

මෙපමණ කාලයක් ජිවත් වීමේ රහස අමු බිත්තර දෙකක් සහ තැම්බූ බිත්තරයක් දිනකට ආහාරයට ගැනීම බවයි ඇය ප්‍රකාශ කරන්නේ.




 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories