ඉදිරි පැය 48 ට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Wednesday, 30 November 2016 - 14:53

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේවන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය මේවන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 450 ක් පමණ දුරින් පවතින බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

එය ඉදිරි පැය 12 තුල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එය හෙට මධ්‍යම රාත්‍රියේ උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 2 දක්වා උතුර / නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් උතුරු සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවලත් විටින් විට තද වැදි සහ තද සුළං ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල දැනට පවතින ක්‍රියාකාරී වළාකුලු පද්ධතිය හේතුවෙන් එම මුහුුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා වු තද සුළං ද ඇති වනවා.

මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories