වෛද්‍යවරුන් තවමත් වර්ජනයේ වැරදි වැටහීමක් බව ඇමති කියයි

Wednesday, 30 November 2016 - 18:07

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A++%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%84%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයවැයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අටට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

එය හෙට පෙරවරු 8.30 ට අවසන් කෙරෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

වර්ජනය ක්‍රියාත්මක සියලූම රෝහල්වල සායනික කටයුතු සිදු නොවූ අතර, හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදුවූ බවයි ප්‍රධාන රෝහල් කිහිපයක අධ්‍යක්‍ෂවරුන් සඳහන් කළේ.   

අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ලවී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ආරම්භ කළ වර්ජනයට අතුරු වෛද්‍ය සේවා  ඒකාබද්ධ පෙරමුණද එක්ව සිටිනවා.

ඒ, ඖෂධ සංයෝජක තනතුරු, අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුලූ ඉල්ලීම් හතරක් මුල් කරගනිමින්.

වර්ජනයට එක්වූ කණ්ඩායම් දිවයිනේ ඇතැම් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂනවලද නිරතවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.   

මෙම වැඩවර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වුණේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන්.  

මේ අතර අයවැය සම්බන්ධයෙන් ඇති කරගත් වැරදි වටහාගැනීමක් නිසා රජයේ වෛද්‍යවරුන් රෝගීන් අපහසුතාවට පත් කරමින් වැඩවර්ජනයක නිරතවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories