නාඩා සුළි කුණාටුවේ බලපෑමෙන් උතුර සහ නැගෙනහිරට තද වැසි මුහුදත් රළු වෙයි

Thursday, 01 December 2016 - 7:09

%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති නාඩා සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරේ සිට කිලෝමීටර 200 ක් පමණ ඊසාන දෙසින් පවතින අතර මේ හේතුවෙන් උතුර නැගෙනහිර ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ තද වැසි ඇතිව තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන්කළේ අද මධ්‍යම රාත්‍රියේදී මෙම සුළි කුණාටුව උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන් කරන බවයි.

නාඩා සුළි කුණාටුවත් සමඟ උතුර - නැගෙනහිර මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories