දුම්රිය වර්ජනය ස්ථීරයි - වෘත්තිය සමිති කියයි

Thursday, 01 December 2016 - 12:14

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද මධ්‍යම රාත්‍රියේ සිට සැළසුම් කර ඇති පරිදි පෞද්ගලික බස් රථ සහ දුම්රිය වර්ජනය ස්ථීරවම සිදුකරන බව එම වෘත්තිය සමිති පවසනවා.

සිය ගැටළු විසඳා ගැනීම සඳහා බලධාරීන්ගෙන් මෙතෙක් කිිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කළේ.

රථවාහන වැරදි සඳහා රුපියල් 25 000 ක දඩයක් නියම කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනුයි මෙම වර්ජනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමය සහ දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනය වර්ජනයට එක්වන වෘත්තිය සමිති අතර වනවා.   

බස් වර්ජනයට මුහුණදීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.   

බීමතින්  රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති වීම, රක්ෂණ සහතිකයක් නොමැතිවීම, දුම්රිය හරස් මාර්ගවලදී අනාරක්ෂිත ලෙස වාහන ඇතුළු කිරීම, අධික වේගය, රියදුරු බලපත්‍රය නොමැති පුද්ගලයෙකුට රිය පැදවීමට ඉඩ සැළසීම සහ වමෙන් ඉස්සර කිරීම යන රථවාහන වැරදි සඳහා රුපියල් 25 000 ක දඩයක් නියම කිරීමටයි පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එකඟතාවය පළවුණේ.

විශ්‍රම වැටුප් අහෝසි කිරීම ඇතුලූ ඉල්ලීම් හතරක් මුල් කරගෙන අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිත දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

එම සාකච්ඡාවට දුම්රිය වෘත්තිය සමිති 30 ක පමණ නියෝජිතයින් එක්ව සිටින බවයි දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත ප්‍රකාශ කළේ.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බස්, ත්‍රිරෝද රථ, දුම්රිය නියෝජිතයින් සඳහා ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදී ඇති බව ඔහු කියා සිටියා.

පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් පසු දුම්රිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවයි දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත කියා සිටියේ.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගිවන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය පෞද්ගලික බස් රථ සංගම්වලින් විමසීමක් කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ තමන් මෙම සාකච්ඡාවට එක්වන බවයි.

එහෙත් අද මධ්‍යම රාත්‍රියේ වර්ජනයට සැරසෙන පෞද්ගලික බස් රථ වෘත්තිය සමිති කියා සිටියේ මෙවැනි සාකච්ඡාවක් සඳහා තමන්ට ආරාධනාවක් ලැබී නොමැති බවයි. එවැනි ආරාධනාවක් ලැබුණද ඊට එක් නොවන බව ඔවුන් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories