‘‘නාඩා’’ බලපෑම තවදුරටත් (ඡායාරූප)

Thursday, 01 December 2016 - 12:16

%E2%80%98%E2%80%98%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති නාඩා සුළි කුණාටුව මේවන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය තවදුරටත් දුර්වල වන ලකුණු පවතින බවයි ඔවුන් නිවේදනය කලේ.

මෙම සුළි කුණාටුව දැනට කන්කසන්තුරය සිට කිලෝමීටර් 140 ක් පමණ ඊසාන දෙසින් පවතිනවා.

එය අද මධ්‍යම රාත්‍රියේදී උතුරු තමිල්නාඩුව හරහා ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දක්වා උතුරු පළාතේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ මෙන්ම මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවලට තද වැසි සහ සුළං බලාපොරොත්තු වනවා.

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් වර්ධනය වනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි.

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ වයඹ මෙන්ම බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

මේ අතර පුත්තලම සිට මන්නාරම / කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු විය හැකියි. මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර වවුනියාව  ඇතුලූ උතුර පළාතේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් පවසනවා.

වවුනියාව වාර්තාකරු සඳහන් කළේ යාපනය දිස්ත්‍රික්කය තුළ වෙනදා දක්නට නොලැබුණු දැඩි සීතලක් ද වාර්තා වන බවයි. 



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories