ආරක්ෂක ලේකම් ඇතුලූ 5 කට අධිකරණයෙන් නොතීසි

Thursday, 01 December 2016 - 12:58

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් 05 දෙනෙකුට ලබන වසරේ ජනවාරි මස 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ මාලඹේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 03 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූණු අවස්ථාවේදීයි.

මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා හමුවේ සලකා බැලූණා.

මාලඹේ ප්‍රදේශයේ අක්කර 02 ක වගුරු බිමක් නිසි අවසරයකින් තොරව ගොඩ කර හමුදා නිලධාරීන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සූදානම් වන බවත් එමඟින් ප්‍රදේශයේ ජන ජීවිතයට පීඩාවක් සිදු වන බවත් පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories