නාඩා අද තමිල්නාඩුවට

Thursday, 01 December 2016 - 18:16

%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ වර්ධනය වී ඇති ‘‘නාඩා’’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තවදුරටත් උතුර සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (01) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ යාපනය - වල්ලිපුරම් ප්‍රදේශයෙන් බවයි.

දැනට මෙම සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර් 120 ක් පමණ දුරින් ඊසාන දෙසට වන්නට පවතිනවා.

එය අද මධ්‍යම රාත්‍රියේදී උතුර තමිල්නාඩුව ප්‍රදේශය වෙත ගමන් කිරීමත් සමග වැසි තත්ත්වයෙහි අඩුවීමක් පෙන්නුම් කරන බව ද කාලගුණ විද්‍යා අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.ප්‍රේමලාල් සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories