ඇමරිකානු උප ජනපතිගෙන්, ජනපති මෛත්‍රීට ඇමතුමක්

Friday, 02 December 2016 - 7:15

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට පත්ව සිටින මයික් පෙන්ස්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ (01 ) දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එහිදී ඔවුන් ද්වීපාර්ශවික සබදතා පිළිබදව අදහස් හුවමාරුවක නිරත වූ බවයි.

විශේෂයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර, සබදතා ශක්තිමත් කරලීම පිළිබදවයි උප ජනාධිපති ධුරයට පත්ව සිටින මයික් පෙන්ස් කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු උදෙසා ඇමරිකාවේ අඛන්ඩ සහය හිමිවන බව ඔහු එහිදී සදහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් චෝදනාවලින් මුළුමනින්ම නිදහස් වීම සදහා ඇමරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළා.

උප ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මයික් පෙන්ස් ඊයේ දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර, හමුවක් නුදුරේදීම සංවිධාන කිරීමට කටයුතු කළ හැකි බවයි.

ඒ සදහා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන ලෙස ද උප ජනාධිපති මයික් පෙන්ස්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories