තායිලන්තයේ නව රජු කිරුළු පළදී

Friday, 02 December 2016 - 7:48

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%AF%E0%B7%93
මහා වජිරලොන්කෝන් කුමරු තායිලන්තයේ නව රජු ලෙස ඊයේ කිරුළු පැළදුවා.

ඒ සිය පියා වූ භූමිබෝල් අදුල්යාදෙජ් අභාවප්‍රාප්ත වී දින 50 ක් ගත වීමෙන් අනතුරුවයි.

වජිරලොන්කොන් කුමරු ඊයේ (01) කිරුළු පැළදුවේ ඒ සදහා තායි පාර්ලිමේන්තුව ඔහුට ආරාධනා කිරීමෙන් පසුවයි.

ලොව දීර්ඝතම කාලයක් කිරුළු පැළඳු භූමිබෝල් රජු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා අභාවප්‍රාප්ත වුණා.

ඔහු දේශපාලන අර්බුදයක් පවතින තායිලන්තයේ ස්ථාවර සලකුණ ලෙසයි හැදින්වුණේ.

සිය පියාගේ අභාවයෙන් පසුදින කිරුළු පැළදීමට අවස්ථාව තිබුණ ද මහා වජිරලොන්කෝන් කුමරු තම පියා වෙනුවෙන් ශෝකය පළ කිරීමට කාලයක් ඉල්ලා සිටි බවයි තායි අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් -  ඕචා ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories