උතුරේ ධීවරයන් 10 ක් අතුරුදන් වෙයි (ඡායාරූප)

Friday, 02 December 2016 - 12:01

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු මුහුදේ මසුන් මැරීමට ගිය ධීවරයන් 10 දෙනෙකු අතුරුදන්ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් පවසනවා.

උතුරු මුහුදු ප්‍රදේශවල අයහපත් කාලගුණ තත්වයක් පැවති ඊයේ මෙම පිරිස ගැඹුරු මුහුදේ ධීවර කටයුතු  සඳහා පිටත්ව ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම ඉන්දීය ධීවරයන් 6 දෙනෙකු සමග යාත්‍රාවක් යාපනයට ගසාගෙන විත් තිබෙනවා.

එම ධීවරයන් යාපනය පොලිසියට භාරදී ඇතැයි සඳහන්.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ අද දිනයේදී ද ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසටයි ධීවර පරීක්ෂක කාර්යාලය උතුරේ ධීවරයන්ට දැනුම්දී ඇත්තේ.  

මේ අතර යාපනය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 57 කට අයත් පුද්ගලයන් 159 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories