ත්‍රී රෝද රථ හිමියන් විරෝධතාවක (ඡායාරූප)

Friday, 02 December 2016 - 12:21

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රථ වාහන වැරදි 7 කට අවම දඩය රුපියල් 25000 ක් දක්වා වැඩි කිරීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක ත්‍රී රෝද රථ හිමියන් ද විරෝධතාවලට එක්ව සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කලේ කොළඹ නෙලුම් පොකුණ රගහල අසලින් ද ත්‍රී රෝද රථ හිමියන් පිරිසක් විරෝධතා පාගමනක් ආරම්භ කර ඇති බවයි.

ඔවුන් සංදේශයක් භාරදීමේ අරමුණින් මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටිනවා.

මේ හේතුවෙන් කොළඹ පුරහල අවට ඇතුලු මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

මේ අතර මැදවච්චිය ප්‍රදේශයේ ද ත්‍රී රෝද රථ හිමියන් අද විරෝධතාවක නිරතවන බව සඳහන්.

පෞද්ගලික බස් වර්ජනයට සමගාමීව ත්‍රීරෝද රථ සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සහභාගීත්වයෙන් අද (02) උදෑසන මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්වුණා.

ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අසල පැවති එම විරෝධතාව හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

වර්ජනයට සමගාමීව ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් බදුල්ල - පුවක්ගොඩමුල්ල සිට බදුල්ල නගරය දක්වා අද උදෑසන විරෝධතා පෙළපාලියක් සංවිධාන කර තිබූ අතර, අනතුරුව ඔවුන් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.



 

ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories