ඩෙංගු මදුරු කීටයන් බෝ කරන්නන්ටත් 25 000 ක දඩ

Sunday, 04 December 2016 - 12:09

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%93%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+25+000+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9
මදුරු කීටයින් බෝවන ආකාරයට පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව අයකරන දඩය 25000 දක්වා වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු කියා සිටියේ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අදාළ අණපනත් සංශෝධනය කළ යුතු බවයි.

කිසියම් ප්‍රදේශයක ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයෙකු මියගියහොත් ඩෙංගු මදුරු කීටයින් බෝ කළ පුද්ගලයා හෝ ආයතනය විසින් වන්දි ගෙවිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය රාජිත සේනාරත්න ඩෙංගු මදුරු මර්දන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා ඊයේ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී අදාළ දඩ මුදල් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මදුරුවන් බෝවන ආකාරයට පරිසරය පවත්වාගෙන යාමේ වරදට මේ වනවිට රුපියල් 500 සිට රුපියල් 2000 දක්වා දඩ මුදලක් අයකරනු ලබනවා.

විශේෂයෙන්ම වැඩබිම් ආශ්‍රිතව දුමායන කටයුතු සහ කීට නාශක භාවිතය කළ යුතු වුවද ඔවුන් ඒ සඳහා ක්‍රියා නොකරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මදුරු කීටයින් බෝවන අන්දමින් පවත්වාගෙන යන ස්ථානවල හිමිකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අවස්ථාවලදී ඔවුන් දඩමුදල ගෙවා යළි පරිසරය අපවිත්‍ර ආකාරයට පවත්වාගෙන යන බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර සඳහන් කළේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 76 ක් මියගොස් රෝගීන් 47 000 ක් පමණ වාර්තාවී ඇති බවයි.

වර්ෂාවත් සමඟ මදුරු ගහණයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් ලබන හත්වනදා සිට 9 වනදා දක්වා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories