වර්ජනය අවසන් වූවත්, ලංගමට ඊයේත් ලැබුණු වාර්තාගත ආදායම මෙන්න

Sunday, 04 December 2016 - 12:10

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පෞද්ගලික බස් වර්ජනය අවසන් වුවද ඊයේ දිනයේදීත් ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළත් පෞද්ගලික බස් රථ ධාවනය අවමවීම ඊට හේතුව බවයි වාර්තාවන්නේ.

සාමාන්‍ය සෙනසුරාදා දිනයක ලංකා ගමනාගමන මණ්ඩලයේ සමස්ත ආදායම මිලියන 68 කට ආසන්නයි.  

එහෙත් ඊයේ දිනයේදී එය මිලියන 99 ක් දක්වා මිලියන 31 කින් ඉහළ ගොස් ඇති බවයි එහි සභාපති රමාල් සිරිවර්ධන ප්‍රකාශ කළේ.

පෞද්ගලික බස් වර්ජනය පැවති පෙරේදා දිනයේ ලංගමයේ සමස්ත ආදායම රුපියල් මිලියන 120 ක් දක්වා ඉහළ ගියා.

මාර්ග වැරදි 7 ක් සඳහා දඩය රුපියල් 25000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය දියත් කෙරුණු අතර ශ්‍රී ලංගම බස් රථවලට සිදුවූ පහරදීම්වලින් තුවාල ලැබූ මගීන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංගම සේවකයන් තුන්දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඔවුන් අතුරෙන් රඹෑව ප්‍රදේශයේදී බස් රථයකට එල්ලවූ ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා සෙබලාගේ තත්ත්වය අසාධ්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories