මන්ත්‍රී දීමනාව 10 වනදා පාර්ලිමේන්තුවට

Monday, 05 December 2016 - 7:13

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+10+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් සහ රුපියල් 2500ක රැස්වීම් දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව මේ මස 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ.

එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් සහ රුපියල් 2500 ක රැස්වීම් දීමනාවක් ලබන ජනවාරියේ සිට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවුණා.

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රැස්වීම් දීමනාව ලෙස ලබාදී තිබුණේ රුපියල් 500 ක මුදලක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories