ජයලලිතා නිසා තමිල්නාඩුව කැළඹෙයි

Monday, 05 December 2016 - 9:26

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ AIDMK පක්ෂ නයිකා ජයලලිතා ජයරාම් හට ඊයේ සවස හෘදයාබාධයක් වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අැය අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටින අතර තුරයි මෙසේ හෘදයාබාධයට ලක්ව ඇත්තේ.

ජයලලිතාගේ මෙම තත්වය දැනගත් වහාම ඇයගේ ආධාරකරුවන් විශාල පිරිසක් ඇය ප්‍රතිකාර  ලබන ඇපලෝ රෝහල අසලට රැස්වූ බව
වාර්තා වනවා.

ඒසේ රැස්වූ පිරිස් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති අතර පිරිස පාලනය කිරීමට පොලිස් එක්ක 17ක් සහ විශේෂ කාර්ය බලකා සෙබළුන් 300ක් යොදවා තිබු බව සදහන්.

මෙම තත්වය හේතුවෙන් අද දින තමිල්නාඩු ප්‍රාන්තයේ සියලුම පාසල්,සිනමා ශාලා සහ ඉන්ධන පිරවුම්හල් වසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සදහා කොංග්‍රස් පක්ෂ උප සභාපති රාහුල් ගාන්ධි ද පසුගිය ඔක්තෝම්බර් මස චෙන්නායි ඇපලෝ රෝහල වෙත පැමිණ තිබුණා.

ජයලලිතාගේ  හෘදයාබාධ තත්වය දැනගත් ඇයගේ ආධාර කරුවන් රෝහල ඉදිරිපිටට රැස්ව සිටි ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ආකාරය පහතින්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories