රාගමදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 05 December 2016 - 11:23

%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කඩවත - රාගම ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 54 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මොහු සන්තකයේ තිබී මැගසිනයක්, ජීව උණ්ඩ 50 ක් සහ අත්විලංගු කුට්ටම් දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories