කැළණි ගඟේ මැණික් ජාවාරමක් වැටලීමට ගිය නිලධාරීන්ට පොලිසියෙන් බාධා

Monday, 05 December 2016 - 13:36

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
පූගොඩ - හත්දූව ප්‍රදේශයේදි කැළණි ගගේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් පැවති අනවසර මැණික් ජාවාරම වැටලීමේදී පොලීසියෙන් බධා එල්ල වු බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර චෝදනා කරනවා.

මෙම ස්ථානයේ අනවසරයෙන් මැණික් කැණිම් සිදු කරන බවට පළමු අනාවරණය කළේ හිරු CIA මගින්.

පසුව මෙම ස්ථානය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් විසින් වැටලූ අතර එහිදී මැණික් ඉල්ලම් සහ උපකරණ කිපයක්ද අධිකාරිය භාරයට ගනු ලැබුවා.

යළිත් වරක් පසුගිය සතියේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් විසින් එම ස්ථානය වැටලූ අතර,එහිදි තවත් ඉල්ලම් පස් තොගයක් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහෙත් එම ඉල්ලම් සීතාවක පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර වෙත රැගෙන ඒමේදි අවිස්සාවේල්ල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෞද්ගලිකව මැදිහත් වී එම ඉල්ලම් සහ වැටලීමට එක්වූ නිලධාරින් අත්අඩංගුවට ගත් බවයි මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ සභාපති  අසංක වෙලගෙදර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාද දැනුවත් කළ බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙහිදි අත්අඩංගුවට ගත් නිලධාරින් අවිස්සාවේල්ල පොලිසියට රැගෙන ගිය පසු එහි පැමිණි බීමත් පුද්ගලයෙකු එක් නිලධාරියෙකුට තර්ජනය කර තිබෙනවා.

එහෙත් පොලීසිය එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවටද මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපතිවරයා චෝදනා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories