බස් රථ 128කට පහර දුන් 31 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 06 December 2016 - 7:43

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+128%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+31+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පෞද්ගලික බස් වර්ජනය පැවැති දින රාජ්‍ය දේපළවලට සහ මහජනතාවට හානි සිදුකරමින් නීතිය හා සාමය කඩ කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ප්‍රදේශ 11කින් මෙම පිරිස් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම නීතිවිරෝධී ක්‍රියාවන් පිටුපස ආණ්ඩු විරෝධී බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස් වර්ජනය පැවැති ඉකුත් සිකුරාදා දින කඩා කප්පල් ක්‍රියා හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 128කට හානි සිදුව ඇති බවයි.

එමෙන්ම කලහකාරී ලෙස හැසිරීම නිසා පුද්ගලයන් සිව් දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කිරීමට එහිදී පියවර ගත්තා.

මාතර, පානදුර, වව්නියාව, දඹුල්ල, පුත්තලම, මහනුවර, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, දංකොටුව, දඹදෙනිය, යක්කල, පයාගල, කෙරළවලපිටිය සහ තංගල්ල  ඇතුළු ප්‍රදේශ රැසකදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වලට ප්‍රහාර එල්ල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories