දිවිනැගුම අරමුදලෙන් ලිත් මුද්‍රණය කළ බවට ගොනු කළ නඩුවෙන්, හිටපු ඇමති බැසිල් නිදහස් කෙරේ

Tuesday, 06 December 2016 - 11:02

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 29ක් වැය කර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 05ක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුව නීතිපතිවරයා අද ඉවත් කර ගත්තා.

ඒ මෙම චෝදනා පත්‍රයෙහි තාක්ෂණික දෝෂ ඇති බව පවසමින්.

ඒ අනුව මෙම නඩුවෙන් හිටපු අමාත්‍යවරයා මෙන්ම එහි තවත් විත්තිකරුවෙකු වන දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක ද නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

එමෙන්ම මෙම නඩුවට අදාලව මොවුන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරන බවයි විනිසුරු පද්මිනී රණවක දැනුම් දුන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories