ජයලලිතා වෙනුවෙන් උතුර පළාත් සභාව ශෝකය පළ කරයි

Tuesday, 06 December 2016 - 11:36

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය නිමිත්තෙන් උතුර පළාත් සභාව අද ශෝකය පළ කළා.

එහිදී ඇය පිළිබදව ප්‍රකාශයක් කළ උතුර ප්‍රධාන අමාත්‍ය සී,වී. විග්නේෂ්වරන් සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට කල් තබා තිබෙනවා.

උතුර පළාත් සභාව අද රැස්වුණේ යාපනය - කයිතඩි ප්‍රදේශයේ පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේදියි.

ජයලලිතා ජයරාම් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද උතුර ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ ජනතාව ඇයට  ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සදහන් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අභාවප්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories