මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට ගත් තීරණය වෙනස් කළ නොහැකියි- දිනේෂ්

Tuesday, 06 December 2016 - 12:49

%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A
පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට පාර්ලිමේන්තුව එදා ගත් ඒකමතික තීරණය නැවත වෙනස් කිරීමට කිසිසේත් එකඟ නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මතය,කොට්ඨාශ ක්‍රමය මිශ්‍ර නව ඡන්ද ක්‍රමය යටතේ වර්තමානයේ පවතින නීතියට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ජනතාවට වගකියන මන්ත්‍රීවරයෙකු ගමට තෝරා පත් කෙරෙන නව ඡන්ද ක්‍රමය ආපසු හැරවීම ජනතාව සදාකාලික අපහසුතාවයට පත්කිරීමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පවතින සමානුපාතික ක්‍රමය යටතේ පවතිනවා නම් පමණක් තමන් ඊට තරග වදින බව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ආණ්ඩුව ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට සූදානම් බවයි.

මේ අතර, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් තවදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය නැවත මනාප ක්‍රමයට පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති අතර ඒ සඳහා කිසිදු එකඟතාවයක් ද පලකර නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories