ජයලලිතාගේ අභාවය ගැන ජනපති සොව පළ කරයි - උතුර පළාත් සභාව ශෝක වේ - වතුකරයේත් පුද පූජා

Tuesday, 06 December 2016 - 12:58

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජයලලිතා ඇගේ ජනතාවගේ ගෞරවාදරයට ලක්වූ නායිකාවක් බවයි.

එමෙන්ම ඇගේ ආදරණීයයන් සහ තමිල්නාඩු ජනතාව වෙත තම ශෝකය පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ට්විටර් පණිවුඩය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් සදහන් කළේ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දියාවේ දෙමළ ජන ප්‍රජාවේ හදවත් දිනා ගෙන සිටි බවයි.

ඇගේ පවුලේ අය සහ තමිල්නාඩු ජනතාව වෙත තම ශෝකය පළ කරන බව හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

තමිල්නාඩු මහඇමතිනියගේ අභාවය නිමිත්තෙන් උතුර පළාත් සභාව ද අද ශෝකය පළ කළා.

එහිදී ඇය පිළිබදව ප්‍රකාශයක් කළ උතුර ප්‍රධාන අමාත්‍ය සී,වී. විග්නේෂ්වරන් සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට කල් තබා තිබෙනවා.

උතුර පළාත් සභාව අද රැස්වුණේ යාපනය - කයිතඩි ප්‍රදේශයේ පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේදියි.

ජයලලිතා ජයරාම් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද උතුර ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ ජනතාව ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සදහන් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අභාවප්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා.

එමෙන්ම තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව ද ඇගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දක්වමින් ආශිර්වාද පූජාවන් පවත්වමින් සිටින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ඇතැම් ජනතාව දෛනික කටයුතුවලින් ඉවත් වී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට එක්ව සිටින බවයි හිරු හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories