ජයලලිතාගේ වත්කම් බෙදීයාම පිළිබඳ ගැටලුවක්

Tuesday, 06 December 2016 - 16:04

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මියයාමත් සමග ඇයගේ වත්කම් බෙදී යන ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්වයක් මතුවී තිබෙනවා.

2015 අප්‍රේල් මාසයේදී දිවුරුම් ප්‍රකාශයක් මගින් ජයලලිතා ජයරාම් සිය වත්කම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහිදී අනාවරණ වුයේ ඇයගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 113.73 ක් වන බවයි.

එම වත්කම ඇය ඊට පෙර වසරවල ප්‍රකාශකල වත්කමට වඩා කෝටි 3.40 ක අඩු වීමක්.

ජයලලිතා සතුව තිබු එම වත්කම්වලින් කෝටි 41.63 ක් චංචල වත්කම් වනවා.

නිශ්චල දේපළවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 72.09 ක්. එමෙන්ම ඇය වත්කම් ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබුනේ තමා සතුව මුදලින් ඉන්දීය රුපියල් 41000 ක් ඇති බවයි.

ප්‍රධාන අමාත්‍යවරිය සතුව රත්‍රන්වල වටිනාකම නිශ්චිතව තක්සේරු කර නැහැ.

ඊට හේතුව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පැවතීමයි.

ඇය සතුව රිදී කිලෝ 1250 ක් තිබු අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් 31,250,000 ක්.

එමෙන්ම ජයලලිතා ජයරාම් සතුව වාහන 9 ක් ද තිබු බව  අනාවරණ වී තිබෙනවා.

මීට අමතරව විවිධ ආයෝජන / වෙළඳ ගොඩනැගිලි ඇතුලු ආදායම් මාර්ග කිහිපයක් ද ජයලලිතා සතුව පැවති බව සඳහන්.

මෙම වත්කම් හිමිවන්නේ කාට ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

එහෙත් ජයලලිතාගේ ළගම මිතුරියක් වු සසිකලා නටරාජන්ට සහ ඥාති පුත්‍රයකුට මෙම වත්කම් හිමිවනු ඇති බවටයි මත පළවී ඇත්තේ.

ප්‍රධාන අමාත්‍යවරියගේ අවසන් කටයුතු වෙනුවෙන් මැදිහත්ව කටයුතු කරනු ලබන්නේ ද සසිකලා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories