ට්‍රම්ප් ජනාධිපතිවරුන්ගේ ගුවන් යානා ඇණවුම අවලංගු කිරීමට සැරසේ

Wednesday, 07 December 2016 - 10:21

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%87%E0%B6%AB%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඇමරිකානු ජනාධිපතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගි ජෙට් යානා නිපදවීම සදහා බෝයිං සමාගම සමග පවතින ගිවිසුම අවලංගු කරන බව එරට ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටියේ අනාගත ඇමරිකානු ජනාධිපතිවරුන් සදහා බෝයිං සමාගම නිපදවන බෝයිං 747 වර්ගයේ නවතම ගුවන් යානය සදහා ඩොලර් බිලියන 4 ක් වැය වන බවයි.

රජයේ වියදම් අවම කිරීමේ පියවරක් වශයෙන් මෙම ඇණවුම අවලංගු කරන බව ට්‍රම්ප් වැඩිදුරටත් සදහන් කළා.

ඇමරිකානු ජනාධිපතිවරුන් සදහා නිපදවන මෙම විශේෂිත ජෙට් යානා හැදින්වෙන්නේ එයාර් ෆෝස් වන් යන නාමයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories