ටොප් ටෙන් 4 වන පැමිණිල්ල අැමතිනී තලතාට එරෙහිව

Wednesday, 07 December 2016 - 13:49

%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%AD%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80
ඒකාබද්ධ විපක්ෂයේ ‘‘ටොප් ටෙන්’’ යටතේ වත්මන් ආණ්ඩුව සිදුකරන දූෂණ වංචා පිළිබඳව හතරවන පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (07) භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ විදේශ රැකියා හා ප්‍රවර්ධන ඇමතිනි තලතා අතුකෝරාලට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි.

කෙසේ වෙතත්, මෙතෙක් ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර නොමැති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළා.

පැමිණිල්ල සිදුකිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාලට ඇති චෝදනාව සම්බන්ධයෙන් පැහැදිළි කළා.

ඔහු කියා සිටියේ ඇය ශ්‍රමිකයන් විදේශ ගත කිරීමේදි නිසි ක්‍රියා පටිපාටියෙන් තොරව සමාගමක් තෝරාගෙන රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories