පොලිස්පතිගේ ඇමතුම ගැන ආණ්ඩුව කථා කරයි

Wednesday, 07 December 2016 - 19:08

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ක්‍රියාත්මක නොවු ගිං, නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව සඳහන් කළා.

මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් සහ පොලිස්පතිවරයාට පසුගියදා ලැබුණු දුරකථන ඇමතුම සම්බන්ධයෙන්ද අමාත්‍ය රාජිත සේනාරත්න පිළිතුරු ලබාදුන්නා.

ඔහු එහිදී කියා සිටියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය දැනට සිදුකරන පරීක්ෂණ සිදුකිරීමට එවැනි වෙනම පොලිස් කොට්ඨාශයක් අනවශ්‍ය බවයි.

පොලිස්පතිවරයාට බලපෑමක් එල්ලවී ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත් ඔහු එවැනි තත්වයන් සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කළ බවද සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories