පකිස්ථානයේදී ඊයේ අනතුරට ලක්වු ගුවන්යානය කඩා වැටීමට පෙර එහි නියමුවා විසින් අනතුරු ඇගවීමේ ඇමතුමක් ලබාදී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
යානය සමග පාලක මැදිරියේ පැවති සබඳතා බිඳවැටීමට මොහොතකට පෙර එම අනතුරු ඇගවීමේ පණිවුඩය ඔහු විසින් ලබාදී ඇති බවයි පකිස්ථාන බලධාරීන් හෙළිකර ඇත්තේ.
යානයේ එන්ජිමේ දෝශයක් පිළිබඳ නියමුවා විසින් පාලක මැදිරියට දන්වා තිබෙනවා.
ඉස්ලාමාබාද් නුවර දක්වා පියාසර කරමින් තිබු මෙම ගුවන්යානය ඊයේ කඩා වැටුනු අතර එහි ගමන් කල මගීන් ඇතුලු 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.
යානයේ අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර පරීක්ෂණ ක්රියාත්මකයි.
කෙසේවෙතත් විශේෂඥයන් පවසන්නේ තාක්ෂණික දෝශයක් හෝ නියමුවාගේ වරදක් හේතුවෙන් යානය අනතුරට ලක්විය නොහැකි බවයි.
එහෙත් නියමුවා ප්රකාශ කල එන්ජිමේ දෝශය පිළිබඳ අවධානය යොමු කරමින් පරීක්ෂණ සිදු කරන බව පකිස්ථාන බලධාරීන් ප්රකාශකර තිබෙනවා.
පකිස්ථාන ගුවන් ගමන් පාලක අධිකාරිය ප්රකාශකර ඇත්තේ එන්ජිමේ දෝශයක් හැර වෙනත් කිසිවක් අනතුරට හේතුවිය නොහැකි බවයි.

Follow US
Most Viewed Stories