වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක්

Thursday, 08 December 2016 - 12:04

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උත්සව සමය තුළ වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

රජය සතු වී තොග නිසි පරිදි වෙළඳපොලට නිකුත් නොකිරීම හේතුවෙන් මෙම සහල් හිඟය ඇතිවිය හැකි බවයි එහි නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

මේ අතර ඉදිරියේ ඇතිවිය හැකි නියං තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇමති අනු කමිටුවක් පත්කර ඇති බව ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

බුද්ධශාසන, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු යන අමාත්‍යාංශ වැය ශීර්ෂ අද දිනයේ කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories