හම්බන්තොට වරාය සේවක විරෝධතාව දිග්ගැස්සෙන ලකුණු

Thursday, 08 December 2016 - 12:14

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
වර්ජනයේ නිරත හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ නියුතු මාගම්පුර කළමණාකරන පුද්ගලික සමාගමේ සේවකයින් සත්‍යග්‍රහයක නිරත වීමට සූදානම් වනවා.

ඔවුන් මේ වනවිටත් වරායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රැඳී සිටින අතර තමන්ව කඩිනමින් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙසයි එම සේවකයින් ඉල්ලා සිටින්නේ.

එම ඉල්ලීමට රජයෙන් කඩිනම් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වර්ජනයට සහය නොදක්වන තෙල් ගබඩා සංකීර්ණයේ සහ ගිනි නිවීම් ඒකකයේ සේවකයින් ද ඊට එක්කර ගන්නා බවයි මාගම්පුර වරායේ සේවක කමිටුවේ සභාපති අයි. කේ. ඔමේෂ් කියා සිටියේ.

මේ අතර හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමට ගෙන ඇති තීරණය නතර කරන ලෙස ඉල්ලා කොළඹ වරාය ඉදිරිපිට උද්ඝෝෂණයක් අද පැවැත්වෙනවා.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසිනුයි මෙම උද්ඝෝෂණය සංවිධාන කරන්නේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories