අයවැයෙන් පසු බැඳුම්කර සිද්ධිය යළි පාර්ලිමේන්තුවට - රජය කියයි

Thursday, 08 December 2016 - 12:15

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයවැයෙන් පසු ලබන ජනවාරියේදී බැඳුම්කර සිද්ධිය යළි පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ බැඳුම්කර වංචාව යටගැසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අයුරකින් අවස්ථාවක් ලබා නොදෙන බවයි.

සුපිරි ඇමතිවරුන් බිහිකිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

යම් අයෙකු එවැනි කටයුතු සඳහා සූදානම් වන්නේ නම් ඊට නිසි ප්‍රතිචාර ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories