නාමල් රාජපක්ෂට එරෙහි නඩුව කල් යයි

Thursday, 08 December 2016 - 13:01

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රුපියල් මිලියන 45 ක අයථා ගණුදෙණු දෙකක් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් 5 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගොනුකළ නඩු දෙකක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද නියෝග කළා.

මහාධිකරණයේ නඩු පැවරීම පිළිබදව නීතිපතිවරයාගේ ස්ථාවරය දැන ගන්නාතුරු නඩුව කල් තබන බවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ.

මෙම නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු වන ඉන්දික කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන අය නඩුවෙන් පලාගොස් විදේශ ගතව සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටපෝල් මගින් විවෘත වරෙන්තුවක් ලබාදෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම්දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පසුගියදා මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නඩුව පවරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories