රට වටා ගොස් වෙළදසැල් කැඩූ සොර කල්ලියට සිදුවූ දේ (ඡායාරූප)

Thursday, 08 December 2016 - 14:50

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුලී පදනම මත වාහන ලබාගෙන ඒවායින් ගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙදසැල් බිඳ ඒවායේ භාණ්ඩ සොරාගන්නා කණ්ඩායමක් කොටුකර ගැනීමට කුලියාපිටිය පොලිසිය ඊයේ සමත්ව තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව අවිස්සාවේල්ල ප්‍රදේශයේදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සිදුකළ අපරාධ 12ක් සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව තිබී සොරාගන්නා ලද රුපියල් ලක්‍ෂ පහකට අධික වියලි අාහාර ද්‍රව්‍ය රැසක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.

සොරකම් සදහා යොදාගන්නා ලද කුලී පදනම මත ලබාගත් වාහන,භාණ්ඩ සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප - කුලියාපිටිය  දිනේෂ් සේ්රසිංහ





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories