ඇමති ජෝන් ජවිපෙත් එක්ක පැටලෙයි

Thursday, 08 December 2016 - 18:28

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවිනැගුම දෙපාර්තමේන්තුව සමෘද්ධි දෙපාර්තමේන්තුව බවට පත්කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය සහ වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් සේවා ගාස්තු හා රෝහල් කාමර ගාස්තු හැර යම් පෞද්ගලික සෞඛ්‍ය සේවාවක් සඳහා වන වියදම වැට් බද්දෙන් නිදහස් කිරීමට අදාළ විශේෂ ගැසට් පත්‍ර අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.

මේ අතර, බුද්ධශාසන, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු යන අමාත්‍යාංශ වැය ශීර්ෂ අද (08) දිනයේ කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනෙනවා.

එම විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ රටේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බවයි.

ඊට විරෝධය දැක්වු විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග රට විනාශ වූයේ ජනතා විමුක්ති පෙරමුණ අරගල කළ සමයේ බව ප්‍රකාශ කළා.

එහිදී දෙදෙනා අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories