මව ඉදිරිපිටදීම තුන් හැවිරිදි දරුවෙකු බසයකට යටවී මරුට

Friday, 09 December 2016 - 6:52

%E0%B6%B8%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිය නිවස අසලදී මව ඉදිරිපිටදීම තුන් හැවිරිදි දරුවෙකු බස් රථයකට යට වී මියගිය පුවතක් අනුරාධපුර - ඇලයාපත්තුව - හතරේ කණුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අනුරාධපුරයේ සිට මහවිලච්චිය බලා ධාවනය වූ ශ්‍රී ලංගම බසයකට යට වී මෙම දරුවා මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම දරුවාගේ මව රැකියා ස්ථානයේ සිට පස්වරු දෙකට පමණ නිවසට පැමිණ ඇති අතර, ඇය පැමිණි යතුරුපැදිය නිවස ඉදිරිපිට මාර්ගයේ අනෙක් පස නැවැත් වූ අවස්ථාවේදී දරුවා මාර්ගය හරහා ඇය සිටි ස්ථානයට දිවගොස් තිබෙනවා.

ක්ෂණිකව ආපසු හැරුණු දරුවා යළි නිවස දෙසට දිව එද්දී මෙලෙස බස් රථයට යට වී තිබුණේ මව ඉදිරිපිටදීයි.

දරුවා ඇලයාපත්තුව රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories