තහනම් පලිබෝධනාශක රැගෙන ඉන්දියාවේ සිට පැමිණි අයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

Friday, 09 December 2016 - 8:39

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට තහනම් කරන ලද පලිබෝධනාශක තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ ඊයේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඉන්දියාවේ සිට පැමිණි මෙම සැකකරුගේ ගමන්මල්ලේ තිබී පලිබෝධනාශක ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 1200 ක් ගුවන්තොටුපල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම පුද්ගලයා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories