කතරගම - බුත්තල මාර්ගයේ යතුරුපැදි අනතුරකින් 5 හැවිරිදි ළමයෙකු ජීවිතක්ෂයට

Friday, 09 December 2016 - 8:46

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කතරගම - බුත්තල මාර්ගයේ වල්ලිඅම්මාආර ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් වයස අවුරුදු 5 ක කුඩා ළමයෙකු ඊයේ  ජීවිතක්ෂයට පත්වුණා.

බුත්තල දෙසට ධාවනය වූ යතුරුපැදිය පෙරලී තුවාල ලැබූ යතුරුපැදිකරු මෙන්ම, පිටුපස ගමන්ගත් මෙම ළමයා සහ තවත් අයෙකු බුත්තල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී පස් හැවිරිදි ළමයා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories