ලක්ෂ 75 ක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Friday, 09 December 2016 - 10:40

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+75+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහනුවර - අලවතුගොඩ ප්‍රදේශයේදී අද අලූයම සිදුකරන ලද හදිසි මාර්ග පරීක්ෂාවකදී තීරුබදු රහිතව නීතිවිරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හයිබි‍ඩ් වර්ගයේ මෝටර් රථයක ආසන යට සගවා මෙම දුම්වැටි තොගය ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් ලක්ෂ 75 ක් වටිනා දුම්වැටි ලක්ෂ එකහමාරක තොගයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් 34 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අලවතුගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories