කොරියානු ජනපතිනියට එරෙහි දෝෂාභියෝග ඡන්දය අද

Friday, 09 December 2016 - 10:54

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
දුෂණ චෝදනා එල්ල වී ඇති කොරියානු ජනාධිපතිනි පාක් ගුවෙන් හේ ට එරෙහි දෝෂාභියෝග ඡන්දය එරට පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා.

ඇයට එරෙහිව පසුගිය දිනවල දැවැන්ත විරෝධතා රැළි සෝල් අගනුවර පැවැත්වුණා.

කොරියානු ජනපතිනියගේ සමීපතම තැනැත්තියක විසින් ජනපතිනියගේ සම්බන්ධතා උපයෝගි කරගෙන විවිධ මූල්‍ය දුෂණ සිදුකළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේ නමුත්, ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ කොරියානු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ එම තීරණය තමා පාර්ලිමේන්තුව වෙත භාර දෙන බවයි.

දෝෂාභියෝගය සම්මත වීමට නම් ඊට කොරියානු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සංඛ්‍යාවක් ඊට කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories