තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ සේවකයින් ආරම්භ කළ සත්යග්රහ ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර, එහි සේවකයින් පිිරිසක් මාගම්පුර වරායේ මහල් 15 කින් සමන්විත පරිපාලන ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සිට විරෝධතාවයක් ද ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත අද (09/0 උදෑසන මාගම්පුර වරාය පරිශ්‍රයට පැමිණියා.
තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අදාළ සමාගමේ සේවකයින් 483 දෙනෙකු වර්ජනයක් ආරම්භ කළේ පෙරේදා දිනයේදීයි.
ඊයේ දිනයේදී වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග ද එහි පැමිණ සේවකයින් සමග සාකච්ඡාවක නිරත වුණා.
කෙසේ වෙතත්, එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් සත්‍යග්‍රහය අඛන්ඩව දියත් කරන බවයි මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ.ඔමේෂ් කියා සිටියේ.
අද මාගම්පුර වරායේ සත්‍යග්‍රහයේ නිරත සේවකයන් හමුවූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත ප්‍රකාශ කළේ ඉල්ලීම් ලැබෙනතුරු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහාය ඔවුන්ට හිමිවන බවයි.

Follow US
Most Viewed Stories