වගකීම ඉටු කරන්න, තීරණ ගන්න බිය වන්න එපා - ජනපතිගෙන් ප්‍රකාශයක්

Friday, 09 December 2016 - 12:46

%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වගකීම් නිසි පරිදි ඉටුකිරීමේදී පසුපසට නොයන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

දුෂණ විරෝධී ජාතික සමුළුවට අද (09) කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ අල්ලස් ලබා ගන්නා පුද්ගලයා මෙන්ම, ඒවා ලබාදීමට ඉදිරිපත් වන පුද්ගලයන් ද වැරදිකරුවන් බවයි.

ඇතැම් රාජ්‍ය නිලධාරින් මෙන්ම, මැතිඇමතිවරුන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් සිදුකරන පරීක්ෂණ හේතුවෙන් සිය වගකීම් ඉටු කිරීමේදී පසුපසට යන ආකාරයක් දක්නට හැකි බවයි.   

මේ අතර, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිත පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පවත්වා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව එහිදී අදහස් හුවමාරු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය අතර පවතින දීර්ඝ කාලීන දේශපාලන සම්බන්ධතාවය පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට පූජ්‍ය බද්දේගම සමිත හිමි, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුලූ පිරිසක් ද එක්වූ බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories