අයි.එස්. ත්‍රස්තයන් 50,000 ක් වසර 2 කදී ජීවිතක්ෂයට

Friday, 09 December 2016 - 13:13

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+50%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+2+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. සාමාජිකයන් 50,000 කට ආසන්න පිරිසක් පසුගිය වසර දෙක තුළ ගැටුම්වලින් මියගොස් ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා.

ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය එහි අයි.එස් විරෝධී සටන ආරම්භ කළේ මීට වසර දෙකකට පෙරයි.

කෙසේ නමුත්, මියයන සාමාජිකයන් වෙනුවට කඩිනමින් නව සාමාජිකයන් බදවා ගැනීමට අයි.එස් සංවිධානය කටයුතු කරන බවට ඇමරිකා එක්සත් ජනපදය අනතුරු ඇගවීමක් ද සිදුකර තිබෙනවා.

අයි.එස්. සංවිධානය 2014 වසරේදී උපරිම අන්දමින් පැතිරී සිටි අතර, මේ වනවිට ඔවුන්ට රුසියානු, තුර්කි, ඉරාක, සිරියානු සහ කුර්දි හමුදාවලට මෙන්ම බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට ද ලක්වීමට සිදුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories